"අස්වැසුම" මෘදුකාංග පුහුණු වැඩසටහන.
සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන (SRIS) යටතේ නිලධාරීන් සදහා පැවැත්වූ "අස්වැසුම" මෘදුකාංගය භාවිතය පිලිබද පුහුණු වැඩසටහන ප්රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
2022.11.24
ගනේවත්ත DSG ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලැබූ වොලිබෝල් තරඟාවලිය අද දින(2022.10.24) ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සදහා පරිපාලන නිලධාරීතුමිය සහ ගණකාධිකාරිතුමියද සහසම්බණ්ධ විය.
අද දින(2022-09-16) ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ වැඩසටහනේ සමාරම්භය ප්‍රාදේශීය ලේකම්තුමිය සහ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අජිත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ සදහා ගනේවත්ත විහාරස්ථානයේ විහාරාධිපති, ඉහල දොලොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අටමුණේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ, තිත්තවැල්ගාල මවුලවිතුමන්, හිරිපිටිය පල්ලියේ පියතුමන්, හිරිපිටිය ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කලමණාකාරතුමන්ලා, සහකාර අධ්‍යක්ෂතුමන්(සැලසුම්) , ග්‍රාම නිලධාරී මහතුන්, කේෂ්ත්‍ර නිලධාරීන් ,සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමිය ඇතුළු නිලධාරීන් රැසක් සහසම්බන්ධ විය.
ප්රාදේශීය ඩෙංගු සහ කොරෝනා මර්දන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද දින 2022.09.09 සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. මෙයට කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් සහභාගි විය
තවත් කියවන්න: ඩෙංගු සහ කොරෝනා මර්දන සම්බන්ධීකරණ කමිටු රැස්වීම



















