සමාජ සුභසාධන සහ සහන
- මහජනාධාර
- උපකරණාධාර( රෝද පුටු/ අත්වාරු/ඇස්කණ්නාඩි/කිහිලිකරු/ත්‍රෛසිකල්/ඇවිදින රාමු/කැලිපස් සපත්තු/කාතිම අත් හා පාද)
- ශිෂ්‍යාධාර
- රෝගාධාර
- වකුගඩු ආධාර
- ආබාධිත නිවාස ආධාර
- පිළිසරණිය නිවාස ආධාර
- ස්වයං රුකියා ආධාර
- ආබාධිත ස්වයං රුකියා ආධාර
- ආබාධිත පුද්ගලයන් සඳහා ජීවනාධාර (රැ3000/=) දීමනාව ලබාදීම
- තනි මා පිය ස්වයං රුකියා ආධාර
- ආපදා කළමනාකාරණ කටයුතු
- වෘත්තිය පුහුණුව
- මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු
මහජනාධාර
- අඩු ආදායම්ලාභීන් අසරණ පුද්ගලයින්,වැන්දඹු,රෝගීන්,අබාධීත අය සඳහා නිකුත් කෙරේ.
- ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරිගේ නිර්දේශ සහිතව ඉල්ලීම් ලිපියත් සමග සමාජ සේවා නිලධාරින් වෙත බාරදිය යුතුය.
- අවුරුදු 60ට අඩු අයෙක් නම් අසනීප තත්වය මත අයදුම් කිරිමේදී වෛද්‍ය සහතිකයක් අවශ්‍යය
උපකරණාධාර( රෝද පුටු/ අත්වාරු/ඇස්කණ්නාඩි/කිහිලිකරු/ත්‍රෛසිකල්/ඇවිදින රාමු/කැලිපස් සපත්තු/කාතිම අත් හා පාද)
- අඩු ආදායම් ලාභීයකු වීම.
- අදාල උපකරණය භාවිතා කිරීම සඳහා වෛද්‍ය සහතිකයක්.
- පෝරමය සමඟ ග්‍රාම නිලධාරී නිර්දේශය.
ශිෂ්‍යාධාර
- වැන්දඹු, මව හෝ පියා දීර්ඝකාලීන රෝගාබාධයකින් පෙලෙන අඩු ආදායම් ලාභි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මෙම ශිෂ්‍යාධාර පිරිනැමේ.
- අදාල අයදුම් පත්‍රය
- ග්රාමනිලධාරි සහතිකය (අදාල අයදුම් පත්‍රය)
- පාසලේ විදුහල්පතිගේ සහතිකය (අදාල අයදුම් පත්‍රය)
රෝගාධාර
- පිළීකා, ක්ෂයරෝග,තැලසීමියා, ලාදුරු, හෘද හා ස්නායු වැනි රෝග සඳහා ආධාර ලබාදීම.
- අදාල රොගය ඇති බවට පිළිගත් වෛද්‍ය සහතිකය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පෝරමය සම්පූර්ණ කිරීම.
- ප්‍රාද්ශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් අඩු ආදයම් ලාභීයකු බවට සහතිකයක්.
වකුගඩු ආධාර
- වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලබන අයකු වීම
- රුධිර කාන්දු පෙරන ප්‍රතිකාරය ලබන හෝ රුධිර කාන්දු පෙරනය කිරිමට අසන්න අයකු වීම(සායන පොත ඉදිරිපත් කරන්න)
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පෝරමය සම්පූර්ණ කිරීම.
- අඩු ආදයම් ලාභියකු බව ග්‍රාම නිලධාරි නිර්දේශය( අදාල පෝරමයේ)
- වකුගඩු රෝගියකු බව වෛධ්‍ය නිලධාරි නිර්දේශය( අදාල පෝරමයේ)
- සමාජ සේවා නිලධාරි වාර්තාව
ආබාධිත නිවාස ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- අයදුම් කරු සතුව ඉඩමක් තිබීම.(එය ඔප්පුවකින් තහවරු කල යුතුය)
- ඉඩමක් නොමැතිනම් ඉඩමක් ලබාදීමට යම්කෙනෙකු කැමැත්ත ඇතිවිට ඒ සඳහා ගිවිසුම් පත්‍රය.(මෙය ප්‍රාදේශීය ලේකම් හෝ සමාජ සේවා නිලධාරියාගේ මූලිකත්වයෙන් සිදුවේ)
- අඩු ආදායම් ලාභීන් බවට ග්‍රාම නිලධාරී ලිපියක්.
- ආබාධිත තත්වය පිළිබද පිළීගත් වෛද්‍ය වරයකුගේන් ලබාගත් සහතිකය.
- කාර්මික නිලධාරීන්ගෙන් ලබා ගත් නිවාස සැලැස්ම හා ඇස්තමේන්තුව.
- වයස තහවරු කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ හැදුනුම්පතේ ඡායා පිටපතක්.
- රු.250000ට වැඩි ඇස්තමේන්තු සඳහා එම වැඩි ප්‍රමාණය ලබාගන්නා ආකාරය සඳහන් ලිපි ලේඛන හෝ වෙනත් ලේඛන
- සමාජ සේවා නිලධාරි වාර්තාව
පිළිසරණිය නිවාස ආධාර
- වැන්දඹු , ආබධිත හා අසරන පවුල් සදහා නිවාස ආධාර ලබාදිම.(රු :60,000)
- අදාල අයදුම් පත්‍රය
- ක්ෂේත්‍ර පරික්ෂණයකින් පසු ලබාදේ.
ස්වයං රැකියා ආධාර
- මහජනාධාරලාභීන් හා අබාධිත අය සදහා සවයංරැකියා අධාර ලබාදෙයි(රු:20,000)
- අදාල අයදුම් පත්‍රය
- ව්‍යාපෘති වර්තාව
- ඇස්තමේන්තුව
ආබාධිත ස්වයං රැකියා ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- ආබාදිත බව සඳහන් වෛද්‍ය වාර්තාව.
- සමාජසේවා නිලධාරී වාර්තාව.
- ස්වයං රුකියා සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ නම් ඒවායේ විස්තර.
- ඉල්ලුම් පත්‍රයේ සඳහන් ස්වයං රුකියා ව්‍යාපෘති වාර්තාව.
- අඩු ආදායම් ලාභින් බවට ග්‍රාම නිලධාරී වාර්තාව.
ආබාධිත පුද්ගලයන් සඳහා ජීවනාධාර දීමනාව ලබාදීම
- ආබාධිත තත්වය පිළිබද රජයේ වෛද්‍ය වරයකුගේන් ලබා ගත් වෛද්‍ය වාර්තාව.
- අඩු ආදායම් ලාභි බවට ග්රිම නිලධාරී නිර්දේශය
- සමාජ සේවා නිලධාරි වාර්තාව
තනි මාපිය ස්වයංරැකියා ආධාර
- අවුරුදු 50ට අඩු ස්වාමියා මිය ගිය හෝ අතහැරගිය කාන්තාවන්ට මෙම ආධාර ලබා දේ.
- අඩු ආදායම් ලාභින් බව ග්‍රාම නිලධාරී සහතිකය.
- මරණ සහතිකය හෝ අතහැරගිය බවට දිව්රුම් ප්‍රකාශය.
- පාසැල් යන වයසේ දරුවන් සිටී නම් ප්‍රමුකතාවය හිමි වේ.
වෘත්තිය පුහුණුව
- වයස අවුරුදු 18-35 අතර ආබාධිත සහිත පුද්ගලයකු වීම.
- තමන්ගේ කටයුතු කරගැනිමට හැකියාව තිබීම.
- ප්‍රාදේශිය ලේකම් කර්යාලය මගින් නිකුත් කරනු ලබන ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරිම
- ග්‍රාම නිලධාරි වාර්තාව
- පාසල් සහතිකය/(විශෙෂ අධ්‍යාපන සහතික/දක්ෂතා හා හැකියා සහතික)
- සමාජ සේවා නිලධාරි වාර්තාව
















