Presentation1

COVID 19 වසංගතයේ තෙවන රැල්ලට අදාළව ගනේවත්ත ප්‍රා.ලේ කොට්ඨාශයේත් මේ වන විට රෝගීන් 215ක් වාර්තා වී ඇත.උක්ත තත්වය සැලකිල්ලට ගෙන ගනේවත්ත ප්‍රා.ලේ කොට්ඨාසයේ ගම්මාන කිහිපයක් (442-තිත්තවැල්ගාල වසම , 441 නීරාවිය වසමේ ගල්ගමුගම ,හංහමුණ වත්ත යන ගම්මානත් 461 නිකදළුපොත ග්‍රාම නිලධාරී වසමේ දොඩම්වටවන ගමිමානයත් )හුදකලා ප්‍රදේශ වශයෙන් නම්කර ඇත. ඊට අදාළව 2021.04.23 දින වන විට පවුල් 458 ක් සහ පුද්ගලයන් 1426 ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.මුලු ආසාධිතයන් සංඛ්‍යාව 215 ක් වන අතර ස්වයං නිරෝධායනයට ලක්කර ඇති පවුල් 453ක් සඳහා ආහාර මළු ලබා දීම අවසන් කොට ඇති අතර සෙසු පිරිස සඳහාද, හුදකළා ප්‍රදේශ ලෙස නම් කිරීම හේතුවෙන් ජීවනෝපාය අහිමි අය සඳහා සහන සැලසීම ද ,ජංගම රථ මඟින් එම ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සැපයීමද මේ වන විට සිදුවෙමින් පවති . මීට අමතරව ප්‍රදේශයේ පරිත්‍යාගශිලීන්ගේ දායකත්වයෙන් රු 2,200,000 ක අත්‍යවශ්‍ය ආහාර බෙදා දීම සිදුකර ඇත

News & Events

Scroll To Top