ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ඵලදායිතා තත්ත්ව කව එකමුතුවෙන් හා ක්ෂේත්‍ර නිලධාරින් නියෝජනය කරන දිනුසර තත්ත්ව කවයේ සංවිධායකත්වයෙන් අද දින(2022/6/15) පොසොන් බැති ගී ප්‍රසංගයක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සදහා ගණකාධිකාරිතුමන්, සහකාර අධ්යක්ෂතුමන් (සැලසුම්), පරිපාලන නිලධාරීතුමිය සහ කාර්යාල නිලධාරීන්ද සහසම්බණ්ධ විය.
අද දින(2022-04-21) ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩභාරගත් එන්.කේ ජයවර්ධන මැතිණියනි, ඔබතුමියට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයේ සුභපැතුම් මෙලෙස එක් කර සිටිමු..
සංචරණ සීමාවන් පවතින අවස්ථාවන් හිදි මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨය තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය/සේවා බෙදා හැරීමට කටයුතු කරන අයගේ නාම ලේඛනය ඔවුන්ගේ නම් හා දුරකථන අංක සහිතව කොට්ඨාශයේ ජනතාවගේ දැන ගැනිම සඳහා ඉදිරිපත් කරමි.
ප්‍රාදේශිය ලේකම්
ගනේවත්ත
Read more: අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට කටයුතු කරන අයගේ නාම ලේඛනය
සමෘද්ධි සෞභාග්‍යා විශේෂ නිවාස වැඩසටහන යටතේ කුඹුක්ගැටේ සමෘද්ධි බැංකු කලාපයේ 443-වඩුවාව ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ඩබ්ලිව් එම් බේබි නෝනා මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවස ඇය වෙත භාර දීමේ උත්සවය 2021-07-01 දින පැවති අතර ඒ සදහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ගනේවත්ත ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති යූ.කේ සුමිත් උඩුකුඹුර , ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාවේ සාභාපති අජිත් වික්‍රමසිංහ , අතිරේක දිස්ත්‍රික් ලේකම් ජි.ඒ කිත්සිරි , ගනේවත්ත ප්‍රාදේශිය ලේකම් ආර්.එන්.එන්.එල් කරුණාරත්න ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ සුජානි පෙත්තාවඩු යන මහත්ම මහත්මින් ඇතුලු ප්‍රාදේශිය රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.
කොරොනා මර්දන ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම 2021.05.20 දින 12.30 ට ප්‍රාදේශීය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් පවත්වන ලදී




















