The volleyball tournament organized by Ganewatta DSG sports club for the first time with the participation of all officers was held today (24.10.2022) under the chairmanship of the Divisional Secretary and Assistant Divisional Secretary. The administrative officer and the accountant were also associated for this occasion.

අද දින (2022/09/18) ගනේවත්ත එස්.බී හේරත් ජාතික පාසලේදී ගෞරවණීය නාහිමිපාණන් වහන්සේලා සහ දහම් පාසල් ගුරුභවතුන් සදහා උපහාර පූජෝත්සවයක් පැවැත්විණි.
 
මේ සදහා ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෞරවණීය මහා සංඝරත්නය වැඩම කල අතර කුරුණෑගල දිස්ත්රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක මැතිතුමන්, අප ප්රාදේශීය ලේකම්තුමිය, කුරුණෑගල ප්රාදේශීය ලේකම් උදයකුමාර මැතිතුමන්, වයඹ ප්රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මැතිතුමන්, කුරුණෑගල ප්රාදේශීය බෞද්ධ කටයුතු කාර්යාලයේ නියෝජ්ය බෞද්ධ කටයුතු කොමසාරිස් ඉෂානි ගුණරත්න මහත්මිය, මෙහෙණින් වහන්සේලා, වැල්ලව පොලිස් ස්ථානාධිපතිතුමන්, ග්රාමනිලධාරී මහතුන්, බෞද්ධ කටයුතු නිලධාරීන්, දහම් පාසල් ගුරුබවතුන් සහ දරු දැරියන්ද මෙම පූජෝත්සවයට සහභාගීවිය.

ප්‍රාදේශීය ඩෙංගු සහ කොරෝනා  මර්දන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද දින 2022.09.09  සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. මෙයට කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් සහභාගි විය

අද දින(2022-09-16) ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ වැඩසටහනේ සමාරම්භය ප්‍රාදේශීය ලේකම්තුමිය සහ ප්‍රාදේශීය  සභාවේ ගරු සභාපති අජිත් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 මේ සදහා ගනේවත්ත විහාරස්ථානයේ විහාරාධිපති, ඉහල දොලොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අටමුණේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ, තිත්තවැල්ගාල මවුලවිතුමන්, හිරිපිටිය පල්ලියේ පියතුමන්, හිරිපිටිය ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කලමණාකාරතුමන්ලා,  සහකාර අධ්‍යක්ෂතුමන්(සැලසුම්) , ග්‍රාම නිලධාරී මහතුන්, කේෂ්ත්‍ර නිලධාරීන් ,සමෘද්ධි  මූලස්ථාන කළමනාකාරතුමිය ඇතුළු නිලධාරීන් රැසක් සහසම්බන්ධ විය.

ප්‍රාදෙිශිය ලේකම් තුමියගේ උපදෙස් පරිදි 2022.09.06  දින කනව විද්‍යාලයේ ළමා ආරක්ෂණ කමිටු පිහිටුවීම හා ජංගම දුරකථන භාවිතය හා ළමා පරපුර මුහුණදෙන අභියොග සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ප්‍රා‌දේශිය ළමා ආරක්ෂණ නිලධාරී - දිනේෂිකා අලුත්ගම හා උපදේශන සහකාර - අසන්තිකා කුමාරි මහත්මින්ගේ මුලිකත්වයෙන් පවත්වන ලදි.

News & Events

Scroll To Top